ඉදිරි මාස හයක් සඳහා සිීමා කි‍්‍රයාත්මක කිරිමට බි‍්‍රතාන්‍ය තීරණය කළා. කොවිඩ් නයින්ටීන් ව්‍යප්තිය පාලනය කිරිමයි අරමුණ . හැකි සෑම විටම නිවසේ සිට රාජකාරි කරන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලීමක් කළා.
අත්‍යවශ්‍ය සෑම අවස්ථාවකම මුඛ ආවරණ පැළදීම අනිවාර්ය කර තිබෙනවා. ආපන ශාලා ඇතුළු ජනතාව ඒකරාශිවන ස්ථාන රාති‍්‍ර දහය වන තුරු වසා දැමීමයි අරමුණ.
රජයේ මෙම වැඩපිලිවෙල බි‍්‍රතාන්‍ය ජාතිකයන්ගෙන් බහුතරයක් අනුමත කර ඇති බවයි ජනමත විමසුමකින් හෙළි වුණේ.
මේ අතර කොවිඩ් නයින්ටීන් වයිරසයට එරෙහි එන්නත්වල කි‍්‍රයාකාරිත්වය පිලිබඳ මෙතෙක් නිශ්චිත තහවුරුකිරිමක් නැතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රකාශ කළා.
රටවල් සහ ආයතන දෙසියක් පමණ එන්නතක් නිපදවීම සඳහා පර්යේෂණ ආරම්භ කර තිබෙනවා. ඇතැම් කණ්ඩායම් අදිරය කිහිපයක් ඔස්සේ එය සිදුකිරිමටත් පියවර ගත්තා.
කෙසේවෙතත් ඒවායේ කි‍්‍රයාකාරිත්වය පිලිබඳ නිශ්චිත සහතිකයක් මෙතෙක් නැති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.
The post බි‍්‍රතාන්‍ය කොවිඩ් සීමා වැඩි කරයි appeared first on ITN News.
Post a Comment