නයිජීරියාවේ ඉන්ධන ප්‍රවාහනය කරමින් සිටි බවුසරයක් අනතුරට ලක්ව පිපිරී යාම හේතුවෙන් පුද්ගලියින් 25 දෙනෙකු මිය ගියා.
නයිජීරියාවේ කෝගි ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක ගමන් කරමින් සිටි ඉන්ධන බවුසරය එහි රියදුරාගේ පාලනයෙන් ගිලිහී මෝටර් රථ 05 ක ත්‍රී රෝද රථ තුනක සහ යුතුරු පැදි දෙකක ගැටී පෙරලී ගොස් ගිනිගැනීම හේතුවෙන් අනතුරුව සිදු ව තිබෙනවා. මිය ගිය පිරිස අතර පාසල් සිසුන් කිහිප දෙනෙකුද ඇතළත් වනවා. විශාල පිරිසක් පිළිස්සුම් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කරමින් ජනාධිපති මහම්මදු බුහාරි පවසන්නේ අනවශ්‍ය මරණවලට හේතුවන නයජීරියාවේ මෙවැනි ඛේදවාචක සම්බන්ධයෙන් තමන් අතිශ්‍ය කණගාටුවට පත් වන බවයි. නයිජීරියාවේ මාර්ගවල ඇති අනාරක්ෂිත භාවය හේතුවෙන් මෙවැනි අනතුරු බහුලව වාර්තා වනවා.
The post නයිජීරියාවේ ඉන්ධන බවුසරයක් පිපිරීමෙන් පුද්ගලියින් 25 දෙනෙකු මියයයි appeared first on ITN News.
Post a Comment