රට පුරා අධි අවධානම් කළාප නම් කිරිමට ප‍්‍රංශය තීරණය කළා.
කොවිඩ් නයින්ටීන් ව්‍යාප්තිය අවධානම් සහගත ලෙස ඉහළ යාමයි ඊට හේතුව. මාර්සෙල් ඇතුළු ප‍්‍රදේශවල සැලකිය යුතු පිරිසකට වයිරසය ආසාදනය වී තිබෙනවා. ඒවායෙහි උපරිම මට්ටමට ගැටලු පැමිණ ඇති බවයි ප‍්‍රංශ සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ.
ඒ අනුව නගර කිහිපයක් සහ ඊට අදාල තවත් ප‍්‍රදේශ ඇතුලත් සිතියමක්ද සකස් කිරිමටයි ඔවුන් පියවර ගෙන තිබෙන්නේ. පනවා ඇති සීමා ඒ ආකාරයෙන්ම කි‍්‍රයාත්මක කිරිමත් අපේක්ෂාවක්.
ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් නිසි ආකාරයෙන් පිලිපැදිය යුතු බවයි ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් සදහන් කළේ.
The post ප‍්‍රංශය අධි අවධානම් කළාප නම් කරයි appeared first on ITN News.
Post a Comment