පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදු කළ වැටලීමකදී කොකේන් ග්‍රෑම් 480 ක් සමඟ කල්පිටිය ප්‍රදේශයේදී තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කල්පිටිය නගරයේදී මෙම වැටලීම සිදුකෙරුණා. අත්අඩංගුවට ගත් සැකකරු 25 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලීසිය සදහන් කළේ. ඔහු කල්පිටිය ජනසවිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැදවුම් නියෝගයක් ලබා ගැනීමට නියමිතයි.
The post කොකේන් ග්‍රෑම් 480 ක් සමඟ තරුණයෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment