කොංගෝ රාජ්‍යයේ රන් ආකරයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 50 දෙනෙකු පමණ ඒ තුළ සිරව ඇති බව එහි බලධාරීන් නිවේදනය කරනවා.
පවත්නා අධික වර්ෂාව හේතුවෙනුයි නැගෙනහිර කොංගෝ රාජ්‍යයේ පිහිටි රන් ආකාරයක මෙම අනතුර සිදුව ඇත්තේ. රන් ආකරයට ඇතුල්වීමට ඇති උමග කඩා වැටීම ආරම්භ වනවාත් සමඟම එහි සිටි එක් පුද්ගලයෙකු දිවි බේරාගැනීමට සමත්ව තිබෙනවා. රන් ආකරය තුළ පුද්ගලයින් 50 දෙනෙකු පමණ කැනීම් කටයුතුවල නිරත වී සිටි බවයි ඔහු සඳහන් කරන්නේ. දින දෙකක් පුරා සහන කණ්ඩායම් සෝදිසි මෙහෙයුම් කටයුතුවල නිරත වන අතර මේ දක්වා රන් ආකරය තුළ සිරවී සිටින කිසිවෙකුත් බේරාගැනීමට ඔවුන් සමත් වී නැහැ. ආකරය තුළ සිරවී සිටින සේවකයින් ජීවත්ව සිටින්නේද යන්න සැක සහිත බවයි බලධාරීන් සඳහන් කරන්නේ.
The post කොංගෝ රාජ්‍යයේ රන් ආකරයක පුද්ගලයින් 50 දෙනෙකු සිරවෙයි appeared first on ITN News.
Post a Comment