Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගිනිගත් දියමන්තියේ කපිතාන්ගෙන් CIDය ගත් කට උත්තරය හෙට අධිකරණයට  

Add comments

ගිනි ගැනීමට ලක්වූ එම්ටී නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

එම සටහන් කරගත් කරුණු හෙට දිනයේදී අධිකරණය වෙත ඉදිරිපත් කර ඉදිරි ක්‍රියාමාර්ග සඳහා උපදෙස් ලබා ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා සදහන් කරනවා.

එම් ටී නිව් ඩයමන්ඩ් නෞකාව ශ්‍රී ලංකාවේ නැගෙනහිර සංගමන්කන්ද තුඩුවට නාවික සැතපුම් 52 ක් දුරින් ස්ථානගතව පවතින බව නාවික හමුදාව නිවේදනය කරනවා. නෞකාව ටග් යාත්‍රා යොදා ගනිමින් ආරක්ෂා සහිතව ගැඹුරු මුහුදේ මේ වන විට රඳවා තිබෙන බවයි නාවික හමුදාව සඳහන් කළේ. ඉන්දීය නාවික හමුදාව , ඉන්දීය වෙරළ ආරක්ෂක බලකා හා නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායම් එක්ව නෞකාවේ ඉදිරිපස කොටසේ නිරීක්ෂණ කටයුතු වල අද නිරත වූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසනවා.මේ වන විට නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගම හා ගලවා ගැනීමේ සමාගම එක්ව නෞකාවේ අළුත්වැඩියා කටයුතු ආරම්භ කර ඇති බවයි ඔහු තව දුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර නෞකාව සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද හෙට සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ  සභාපති දර්ශනී ලහදපුර මහත්මිය සඳහන් කරනවා.

The post ගිනිගත් දියමන්තියේ කපිතාන්ගෙන් CIDය ගත් කට උත්තරය හෙට අධිකරණයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG