කාන්තාවක සහ පිරිමි පුද්ගලයකු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ අපරාධ කොට්ඨාසයට ලැබුණ තොරතුරකට අනුව මාලිගාවත්ත ප්‍රදීපා මාවත ප්‍රදේශයේදීයී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. සැකකරුවන් කොලොන්නාව සහ මාලිගාවත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන්. සැකකාරිය ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 60 යි මිලිග්‍රෑම් 140 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් ළඟ තිබූ මත්ද්‍රව්‍ය ප්‍රමාණය හෙරොයින් ග්‍රෑම් 20යි මිලිග්‍රෑම් 108 ක්.
මේ අතර අලුත්කඩේ මහාධිකරණයේ සිට රැගෙන එන ලද සිරකරුවෙකුගේ කලිසම් සාක්කුවේ තිබී ව්‍යාජ මුදල් නෝට්ටු සොයාගෙන තිබෙනවා. වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ සේවයේ නිරත විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමකටයි මෙම නෝට්ටු සොයා ගැනීමට හැකිවුණේ. ඒ අනුව රුපියල් 500 ව්‍යාජ නෝට්ටුවක් සහ රුපියල් විස්සේ ව්‍යාජ නෝට්ටු 02 ක් අත්අඩංගුවට ගත් බවයි විශේෂ කාර්ය බලකාය පවසන්නේ.
The post කාන්තාවක සහ පිරිමි පුද්ගලයකු හෙරොයින් සමඟ අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment