Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නවසීලන්තයේ කොරෝනා පාලනයට පනවා ඇති නීති ඉදිරි සතිය තුළදී ලිහිල් කිරීමට පියවර  

Add comments

වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට පනවා ඇති නීති ඉදිරි සතිය තුළදී ලිහිල් කිරීමට පියවර ගන්නා බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩ්න් පවසනවා.

එළඹෙන 21 වන දින සිට නව නීති ක්‍රියාත්මක වීමට නියමිත අතර නව නීති සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළ ජනතාව දැනුවත් කරන බවයි අග්‍රාමාත්‍යවරිය තවදුරටත් සඳහන් කරන්නේ. ගුවන් මගින් ගමන් ගන්නා මගීන්ට පනවා ඇති නීති ද  ලිහිල් කිරීමට නියමිත බව අග්‍රාමාත්‍යවරිය මාධ්‍ය හමුවේ පවසා සිටියා.

නවසීලන්තය වෛරස ව්‍යාප්තිය සම්පූර්ණයෙන් පාලනය කර තිබුණ ද පසුගිය මාසයේදී එරට තුළ දෙවන වටයේ වෛරස ව්‍යාප්තියක් ආරම්භ වුණා. වෛරස ව්‍යාප්තිය පාලනය සම්බන්ධයෙන්  අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩ්න්හට වැඩි ගෞරවයක් හිමිව ඇති අතර ඔක්තෝම්බර් 17 වන දින පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඇය පහසු ජයග්‍රහණයක් ලබාගනු ඇති බවි විශ්ලේශකයින් අනාවැකි පළ කරන්නේ.

 

 

 

The post නවසීලන්තයේ කොරෝනා පාලනයට පනවා ඇති නීති ඉදිරි සතිය තුළදී ලිහිල් කිරීමට පියවර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG