රාගම මගුල්පොකුණ ප්‍රදේශයේ පුද්ගල ඝාතනයකට සැලසුම් කර සිටි අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු ටී 56 ගිනි අවියක් හා උණ්ඩ 13 ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මහර රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින අපරාධ කල්ලි සාමාජිකයෙකු වන විරාජ් අනුරාධ හෙවත් රන්කැටියා නමැති පුද්ගලයායි මෙම ඝාතනය බන්ධනාගාරයේ සිට සැලසුම් කර ඇත්තේ. අත්අඩංගුවට ගත් ටී 56 වර්ගයේ ගිනි අවිය හෝමාගම ප්‍රදේශයේ දී පසුගියදා සොයාගත් ගිනි අවි තොගයේ හිමිකරු වන ගොනාකෝවිලේ රොහා නමැත්තාට අයත් අවියක් බව ද හෙළිවී තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ කදාන ප්‍රදේශයේ යකඩ අජිත් සහ රාගම ප්‍රදේශයේ ලක්ෂාන් නමැති අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනෙකුයි.
The post ටී 56 ගිනි අවියක් සමඟ අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment