Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ක්‍රීඩා පනත යාවත්කාලීන කරන්න ක්‍රීඩා ඇමති නාමල් සූදානමින්  

Add comments

ක්‍රීඩා පනත නිසි ලෙස යාවත්කාලීන නොවීම නිසා ගැටලු රැසක් ඇති වී තිබෙන බව තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා පවසනවා.

වෘත්තීමය ක්‍රීඩා සංස්කෘතියක් ඔස්සේ ක්‍රීඩාවේ අනාගතය ගොඩනැගීම සම්බන්ධයෙන් කොළඹදී පැවති දේශනයකදීයි නාමල් රාජපක්‍ෂ මහතා මේ බව සදහන් කළේ. ක්‍රීඩා ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් කෙටි හා දිගුකාලීන සැලසුම් ක්‍රියාත්මක කළ යුතු බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ග්‍රාමීය මට්ටමෙන් ක්‍රීඩාව දියුණු කිරීම සදහා ද රජය ප්‍රමුඛත්වය ලබා දෙන බව ඒ මහතා අවධාරණය කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර හා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති හිටපු යුද හමුදාපති ජනරාල් දයා රත්නායක යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්වුණා.

 

The post ක්‍රීඩා පනත යාවත්කාලීන කරන්න ක්‍රීඩා ඇමති නාමල් සූදානමින් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG