පසුගිය ජනාධිපතිවරණ සමයේ මහත් ආන්දෝලනයකට තුඩු දුනු සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවක පවත්වා එවක ජනාධිපති අපේක්ෂක ගෝඨභාය රාජපක්ෂ මැතිතුමාට අසත්‍ය චෝදනා එල්ල කළේ යැයි චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි මොහොම් අසීඩ් යන මහත්වරුන්ට එරෙහිව ගොණු කර ඇති නඩුව යළි නොවැම්බර් මස 12වනදා කැදවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළා.
මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනා අධිකරණය හමුවේ පෙනී සිටියා. මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ සාක්ෂි වශයෙන් නම්කර තිබෙන සියත, හිරු, දෙරණ සහ ස්වාධීන රූපවාහිනී සේවය යන රූපවාහිනි නාළිකාවලින් විකාශය කළ ප්‍රවෘත්ති ප්‍රකාශ වලට අදාල විඩියෝ දර්ශන අඩංගු සංයුක්ත තැටි හතරක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙතින් කොළඹ මහාධිකරණය වෙත ලැබී තිබෙන බව දැනුම් දුන්නා. එම සංයුක්ත තැටි වල අන්තර්ගත දර්ශන පරික්ෂා කිරීම සඳහා ඒවායේ පිටපත් තමන් වෙත ලබාදෙන ලෙසත් එම වීඩියෝ දර්ශන වල අන්තර්ගතයන් පරික්ෂා කිරීම සඳහා ප්‍රවේශයන් ඉදිරියේ දී ඉල්ලා සිටින බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා දැනුම් දුන්නා. අදාල සංයුක්ත තැටි වලට අදාළ පිටපත් විත්තිය වෙත ලබාදීමට පියවර ගන්නා බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මෙහිදී අධිකරණයට දැනුම් දුන්නා. එහිදී විනිසුරු දමිත් තොටවත්ත මහතා දෙපාර්ශවය නීතිඥවරුන්ට දන්වා සිටීම එම වීඩියෝ දර්ශන පරික්ෂා කිරීම සඳහා යම් අධිකරණ නියෝගයක් අවශ්‍ය වේ නම් ඒවා මෝසමක් මාර්ගයෙන් ඉල්ලා සිටින ලෙසයි. ඉන් අනතුරුව මෙම කටයුතුවල ප්‍රගතිය සලකා බැලීම සඳහා නඩුව නැවත නොවැම්බර් මස 12 වනදා කැඳවන ලෙසයි විනිසුරුවරයා නියෝග කළේ.
The post රාජිතට සහ රූමිට එරෙහි නඩුව කල් යයි appeared first on ITN News.
Post a Comment