Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නීතිවිරෝධීව මසුන් මැරීමේ නිරතව සිටි දෙදෙනෙකුට ඩයිනමයිට් ගුලියක් පිපිරීමෙන් තුවාල  

Add comments

බලංගොඩ හපුගහකුඹුර ප්‍රදේශයේ ඩයිනමයිට් යොදා ගනිමින් නීතිවිරෝධී ලෙස මසුන් අල්ලමින් සිටියදී ඩයිනමයිට් ගුලියක් පිපිරී යාමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලැබුවා.

බලංගොඩ පොලිස් බලප්‍රදේශයට අයත් තොටුපොළතැන්න ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකුයි මෙලෙස තුවාල ලබා ඇත්තේ. මසුන් ඇල්ලීම සඳහා ඩයනමයිට් ගඟට දැමීමට සුදානම් කරද්දී එක් අයෙකුගේ අතේ ඩයිනමයිට් ගුලියක් පුපුරා ගොස් තිබෙනවා. මෙම පුද්ගලයාගේ අතක කොටසක් වෙන් වී ගොස් ඇති අතර අනෙක් පුද්ගලයාගේ මුහුණ ප්‍රදේශයට බරපතල තුවාල සිදු වී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

 

 

 

The post නීතිවිරෝධීව මසුන් මැරීමේ නිරතව සිටි දෙදෙනෙකුට ඩයිනමයිට් ගුලියක් පිපිරීමෙන් තුවාල appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG