ටෙලිනාට්‍ය සහ වේදිකා නාට්‍ය නිෂ්පාදකවරයකු වූ අමරසේන වඩුගේ මහතා අභාවප්‍රාප්ත වුණා.
වඩුගේ මහතා අභාවප්‍රාප්ත වන විට 63 වියෙහි පසු වුණා. සුදුමල් කන්ද, අරුණලු කිරණ, දරණි ටෙලිනාට්‍ය සඳහා ඒ මහතා නිෂ්පාදනයෙන් දායක වී තිබෙනවා. අපායේ අවුරුදු වේදිකා නාට්‍ය ද ඒ මහතාගේ නිෂ්පාදනයක්. එම නිර්මාණ සඳහා ඔහු ඇගයීමටද ලක් වුණා. තිදරු පියෙකු වන අභාවප්‍රාප්ත අමරසේන වඩුගේ මහතාගේ දේහය පන්නිපිටිය කඩවල පාරේ අංක 234 දරණ නිවසෙහි තැන්පත් කර තිබෙනවා. අවසන් කටයුතු පන්නිපිටිය පොදු සුසාන භූමියේදී හෙට පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.
The post ටෙලිනාට්‍ය සහ වේදිකා නාට්‍ය නිෂ්පාදකවරයකු වූ අමරසේන වඩුගේ මහතා අභාවප්‍රාප්ත වෙයි appeared first on ITN News.
Post a Comment