මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පස්මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත්වූ අඹුසැමි යුවලගේ සහ බිලිඳියගේ මෘතදේහ ඔවුන් වාසය කළ වෙනත් නිවසක් වෙත රැගෙන විත් තිබෙනවා.
පස්මහල් ගොඩනැගිල්ලලක් කඩා වැටීමෙන් සිදු වූ අවාසනාවන්ත සිදු වීමෙන් ජීවිතක්ෂයට පත් වූ චමිල ප්‍රසාද් 35 හැවිදි හෝටල් හිමිකරුවකු වන අතර ඔහුගේ බිරිඳ වූ අචලා ඒකනායක 32 හැවිදිරි විශ්විද්‍යාල කතිකාචාර්යවරියක් මෙන්ම නීතීඥවරයක් වනවා. සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් වූ ඔවුන්ගේ සිගිති දියණිය ඔනෙලා ඒකනායක වයස මාස එකහමාරක බිලිඳියක්. ඔවුන්ගේ දේහයන් පිලිබඳ අවසන් කටයුතු හෙට පස්වරුවේ මහනුවර මහයියාව පොදු සුසාන භූමියෙදී සිදු කිරීමට නියමිතයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පල කළ අභාවප්‍රාප්ත අචලා ඒකනායකගේ පියා වන සිසිර බණ්ඩාර මහතා සදහන් කළේ මෙම මරණ සදහා වගකිව යුතු පුද්ගලයින් සම්බන්ධයෙන් විධිමත් නීතිමය පියවර ගත යුතු බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් අංශ කිහිපයක් යටතේ මේ වන විට පරික්ෂණ පැවැත්වෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේශන සංවිධානයේ නියෝජිතයන් මෙන්ම භූ විද්‍යාඥයින් මේ වන විටත් පරික්ෂණ ආරම්භ කර තිබෙනවා
The post මහනුවර ගොඩනැගිලි අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ යුවලගේ සහ බිලිඳියගේ අවසන් කටයුතු හෙට appeared first on ITN News.
Post a Comment