ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ට එරෙහිව එරට තුළ ඇතිවෙමින් තිබෙන විරෝධතා ව්‍යාපාර වර්ධනය වී තිබෙනවා.
බෙන්ජමින් නෙතන්යාහුට විරෝධය පාමින් දහස් ගණනක ජනතාවක් ජෙරුසෙලමට රැස්වී උද්ඝෝෂණවල නිරතවූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. බෙන්ජමින් නෙතන්යාහුගේ දූෂිත ක්‍රියා සහ කොවිඩ් නයින්ටීන් සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිපත්තිය විවේචනයට ලක්කරමින් උද්ඝෝෂකයන් විරෝධතා ව්‍යාපාරවල නිරතව සිටිනවා. අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස ආසන්නයට ද සිය ගණනක් උද්ඝෝෂකයන් රැස්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
The post ඊශ්‍රායල අගමැතිට එරෙහි විරෝධතා උත්සන්න වෙයි appeared first on ITN News.
Post a Comment