Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගම්වදින වන අලින් පලවාහැරීම සඳහා මෙහෙයුමක්  

Add comments

ගම්වදින වන අලින් පලවාහැරීම සඳහා මැදිරිගිරිය පල්ලියගොඩැල්ල ගම්මානයේ වනජීවී නිලධාරීන් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

මේ දිනවල වන අලින් නිතර ගම්වැදීම නිසා ජනතාවට දැඩි පීඩාවක් එල්ලවී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පල්ලියගොඩැල්ල තලාකොළවැව, විජේපුර, පඹුරාන, මීගස්වැව ඇතුළු ප්‍ර දේශ රැසකට සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ සිට වන අලින් පැමිණෙනවා. ජනතාවට සිදුවන අපහසුතාව මගහැරවීම සදහා වන අලින් පලවා හැරීමට වනජීවී නිලධාරීන් කටයුතු කළා. තලාකොළවැව ගම්මානයේ කැළෑ රොදක කොටුවී සිටි වන අලි මවක සහ පැටවෙකු සෝමාවතිය වනෝද්‍යානය දෙසට පළවා හැරීම සදහා පැය 5 ක පමණ කාලයක මෙහෙයුමක් සිදු කිරීමට වනජීවි නිලධාරීන්ට සිදුවූ බවයි අප වාර්තාකරුවන් කියා සිටියේ.

 

 

 

The post ගම්වදින වන අලින් පලවාහැරීම සඳහා මෙහෙයුමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG