උතුරුමැද පළාතේ කෝමාරිකා වගාව ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අප වාර්තාකරුවන් සඳහන් කළේ කාබනික පොහොර යොදා ගනිමින් ඉතා හොද අස්වැන්නක් ලබා ගැනීමට ගොවීන් සමත්වී ඇති බවයි.
පොළොන්නරුව සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ගොවි ජනතාවට වී වගාවට අමතරව අතුරු බෝග වගාවක් ලෙස කෝමාරිකා වගාව හඳුන්වා දී තිබෙනවා. නියමිත ප්‍රමිතියට අනුව සිදු කෙරෙන මෙම වගාව නිසා විදේශ විනිමය මෙරටට ගෙන්වා ගැනීමට හැකිවී තිබෙන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. ඖෂධීය කෝමාරිකා වගාව අක්කර තුන්දහසක පමණ භූමි ප්‍රදේශයක වගා කිරීමට උතුරුමැද පළාතේ ගොවීන් සමත්ව තිබෙනවා. සුවඳවිලවුන්, ඖෂදීය පාන ඇතුළු විවිධ නිශ්පාදන මෙම කෝමාරිකා භාවිතයෙන් සිදුකළ හැකියි.
The post උතුරුමැද පළාතේ කෝමාරිකා වගාවෙන් ඉහළ අස්වැන්නක් appeared first on ITN News.
Post a Comment