බුත්තල විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව තණමල්විල පොලිස් වසමේ කාඩියගල රක්ෂිතයේ වගාකර තිබූ අක්කර කාලක ගංජා හේනක් වැටලීමට හැකිවුණා.
ගංජා ගස් 10 ක් පමණ නඩු භාණ්ඩ වශයෙන් තණමල්විල පොලිස් ස්ථානයට ඉදිරිපත් කෙරුණා. අනෙක් ගස් විනාශ කිරීමටයි පොලිසිය කටයුතු කළේ. සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
මේ අතර මීගොඩ පොලිස් වසමේ දාම්පේ ප්‍රදේශයේදී මෝටර් රථයක් නවතා පරික්ෂා කිරීමේදී හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 2ක් සහ මිලිග්‍රෑම් 680ක් අත්අඩංගුවට ගැනීමට හැකිවුණා. මෙහිදී සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී තවත් සැකකරුවෙකු දාම්පේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් මීගොඩ සහ බණ්ඩාරගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.
The post කාඩියගල රක්ෂිතයේ වගාකර තිබූ ගංජා හේනක් වටලයි appeared first on ITN News.
Post a Comment