පනවා ඇති නිරෝධායන නීතිවලට විරෝධය පළ කරමින් ප්‍රංශයේ පැරිස් නුවර උද්ඝෝෂණ ආරම්භ කර තිබෙනවා.
උද්ඝෝෂකයින් දහස් ගණනක් පැරිස් නුවරට රැස්ව සිටින අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළා. මහා මාර්ගයන්හි නවතා ඇති රථවාහනවලට ගිනි තබමින් විරෝධතාකරුවන් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු බවයි වාර්තා වන්නේ. ඔවුන් විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා. උද්ඝෝෂණය සඳහා සහභාගී වූ පුද්ගලියින් 154 දෙනෙකු අත්අඩංගුවට ගැනීමටයි පොලීසිය පියවර ගත්තේ.
The post නිරෝධායන නීතිවලට විරෝධය පළ කරමින් ප්‍රංශයේ පැරිස් නුවර උද්ඝෝෂණ appeared first on ITN News.
Post a Comment