ඉරානය සමඟ එකඟතාවන්ට එළඹීමට හෝ යුද්ධයක් ආරම්භ කිරීමට ඇමෙරිකාවට කිසිසේත්ම හැකියාවක් නොමැති බව ඉරාන ජනාධිපති හසන් රවුහානි සඳහන් කරනවා.
ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතමිනුයි. ඇමෙරිකාවේ මැතිවරණ කටයුතු හෝ අභ්‍යන්තර පරිපාලනය පිළිබඳ තම රටේ කිසිඳු අවදානයක් නොමැති බව ඉරාන ජනාධිපතිවරයා මහා මණ්ඩල සැසිය අමතමින් තවදුරටත් පවසා සිටියා. ඇමෙරිකාව තම රට වෙත පනවා ඇති සම්බාධක ඉවත් කරනතුරු ඔවුන් සමඟ කිසිඳු සාකච්ඡාවකට හෝ එකඟතාවකට පැමිණීමට තමා සූදානම් නොමැති බවයි එහිදී ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ. 2015 වසරේදී යුරෝපා බලවතුන් හා ඇමෙරිකාව සමඟ න්‍යෂ්ටික එකඟතාවකට ඉරානය අත්සන් තැබුනා. එහෙත් 2018 වසරේදී එම ගිවිසුමෙන් ඉවත් වීමටයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගත්තේ. ඒ සමඟම ඉරානය වෙත නැවත සම්බාධක පැනවීමට ඇමෙරිකාව කටයුතු කරනු ලැබුවා.
The post ඉරානය සමඟ එකඟතාවන්ට එළඹීමට හෝ යුද්ධයක් ආරම්භ කිරීමට ඇමෙරිකාවට කිසිසේත්ම හැකියාවක් නැහැ appeared first on ITN News.
Post a Comment