පවතින වියළි කාලගුණය හේතුවෙන් ජලය සොයා පැමිණි කිඹුලියක සමඟ පැටවුන් දොළොස් දෙනෙකු වව්නියාව කුරුදුපිටිය ප්‍රදේශයේ වගා ළිදක සිටියදී සොයා ගැණුනා.
උතුරු පළාතේ පවතින වියළි කාලගුණය හේතුවෙන් මෙම සතුන් ජලය සොයා පැමිණ තිබෙනවා. ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන් මෙම සතුන් ආරක්ෂා සහිතව ළිදෙන් ගොඩට ගෙන අවට පිහිටි රක්ෂිතයට මුදාහැර තිබෙනවා.
ළිද ආසන්නයේ ඇති වැව සිදීයාම හේතුවෙන් අවට ළිං වලට කිඹුලන් ජලය සොයා පැමිණීම ඉහළ ගොස් ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
The post කිඹුලියක සමඟ පැටවුන් දොළොස් දෙනෙකු වගා ළිදකින් හමුවෙයි appeared first on ITN News.
Post a Comment