ඊශ්‍රායලය සහ බහරේන් රාජ්‍ය සාම ගිවිසුමකට එකගතාව පළකර තිබෙනවා.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව නිවේදනය කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු පැවසුවේ දින 30 ක් තුළ ඊශ්‍රායලය සමඟ සාමයට එකග වූ දෙවැනි අරාබි රට බහරේන් රාජ්‍ය බවයි.
මීට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද ඊශ්‍රායලය සමඟ සාම ගිවිසුමකට එළඹීමට එකග වුණා.
මෙම ක්‍රියාවලියට මැදිහත්වී තිබෙන්නේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
The post ඊශ්‍රායලය සහ බහරේන් රාජ්‍ය සාම ගිවිසුමකට එකගතාව පළකරයි appeared first on ITN News.
Post a Comment