චීන දේශසීමාව ආසන්නයේ සේවයේ යෙදී සිටින හමුදා කණ්ඩායම් වෙත ගුවන් මඟින් අවශ්‍ය භාණ්ඩ සැපයීමට ඉන්දීය රජය කටයුතු කර තිබෙනවා.
ශීත කාලගුණය සමඟග අවම උෂ්ණත්වයක් වාර්තාවීම හේතුවෙනුයි මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ. ආහාරපාන වලට අමතරව ඉන්ධන , පතුරොම් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක් ගුවන් මඟින් රැගෙන යාමට ඉන්දීය හමුදා කටයුතු කළ අතර මෑත මාස කිහිපය තුළ සිදුවූ විශාලතම මෙහෙයුමක් ලෙසයි එය ඉන්දීය හමුදාව සඳහන් කළේ. චීන දේශසීමාව ආසන්නයේදී ඉන්දීය සෙබලුන් විසි දෙනෙකු මෑතකදී චීන භට කණ්ඩායම් විසින් ඝාතනය කිරීමත් සමඟ හිමාල දේශසීමාවේ දැඩි ආතතිකාරී තත්ත්වයක් ඇතිවුණා.
The post චීන දේශසීමාව ආසන්නයේ සේවයේ යෙදී සිටින ඉන්දීය හමුදා වෙත ගුවන් මඟින් අත්‍යවශ්‍ය භාණ්ඩ appeared first on ITN News.
Post a Comment