Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවේ චෝදනා චීනය ප්‍රතික්ෂේප කරයි  

Add comments

ඉන්දීය දේශසීමා ආසන්නයේ චීනය කේබල් ඇතුරුමක් සිදු කරන බවට නගන චෝදනා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව චීනය නිවේදනය කරනවා.

චීන හමුදා සෙබලුන් විසින් ඉන්දීය දේශසීමා ආසන්නයේ මෙලෙස කේබල් ඇතුරුමක් සිදු කරන බවට ඉන්දියාව විසින් නගන චෝදනාව හුදෙක් අසත්‍ය ප්‍රචාරයක් පමණක් බවයි චීන විදේශ කටයුතු අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ පවසා සිටියේ. හිමාලයේ ලඩාක් නගරය  ආසන්නයේ හමුදා මුරපොලක් අසල චීනය විසින් කේබල් ඇතුරුමක් සිදු කරන බවටයි  ඉන්දීය රජයේ නිලධාරීන් දෙදෙනෙකු පසුගියදා චෝදනා කර සිටියේ. මෙලෙස චීනය හා ඉන්දියාව දේශසීමා එකඟතා උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් දිගින් දිගටම එකිනෙකා හට චෝදනා කරන ආකාරය පසුගිය කාලය පුරා දක්නට ලැබුණා. කෙසේ වුවද පවත්නා අර්බුධකාරී තත්ත්වය ඉක්මනින්ම විසදා ගන්නා බවට පසුගිය සතියේදී දෙපාර්ශ්වය අතර ඒකඟතාවයකට එළඹි බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

 

 

 

 

The post ඉන්දියාවේ චෝදනා චීනය ප්‍රතික්ෂේප කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG