Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවයි  

Add comments

ඇමෙරිකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ගියා. එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ද ලක්ෂ හැත්තෑඑකකට ආසන්න බවයි වාර්තා වන්නේ.

ගතවු පැය 24 ට පමණක් ඇමෙරිකාවේ සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 969 ක්. මෙලෙස වාර්තා වන මරණ ශීඝ්‍රයෙන් ඉහළ යාම අතිශය භයානක තත්ත්වයක් බව එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරනවා. වෛරස ව්‍යාප්තිය වැළැක්වීමට හැකි සෑම පියවරක්ම ගත යුතු බවයි ඔහු සඳහන් කරන්නේ.

මේ අතර ලොව පුරා රටවල් 213කින් මේ වනවිට ආසාදිතයින් 31,777,987 දෙනෙකු හමුවී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ. වෛරස ව්‍යාප්තිය ආරම්භයේ සිට මේ දක්වා ලොව පුරා සිදුවී ඇති මරණ සංඛ්‍යාව 975,471ක්. වෛරස ව්‍යාප්තිය වැළැක්වීමට ලොව පුරා සියලු රටවල සාමූහික ප්‍රයත්නයක් අතිශය වැදගත් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ.

 

 

 

 

The post ඇමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG