Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කැලි‍ෆෝනියා ප්‍රාන්තයට බලපා ඇති ලැව් ගිනි තත්ත්වය තවදුරටත් ව්‍යාප්ත වෙයි  

Add comments

ඇමෙරිකාවේ කැලි‍ෆෝනියා ප්‍රාන්තයට බලපා ඇති ලැව් ගිනි තත්ත්වය එම ප්‍රාන්තයේ කඳුකර ප්‍රදේශ දක්වා විහිද ගොස් ඇති බව සඳහන් වනවා.

දින ගණනාවක සිට කැලිෆෝනියා ප්‍රාන්තයට ලැව් ගිනි හට ගෙන තිබෙනවා. මේ හේතුවෙන් අක්කර මිලියන 4.5ක භූමි ප්‍රදේශයක් විනාශ වී ඇති බවයි සඳහන් වන්නේ. පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ගින්න වඩා වේගයෙන් පැතිර යන බව සඳහන්. ලැව් ගිනි හේතුවෙන් මේ දක්වා මියගොස් ඇති සංඛ්‍යාව තිස් හතර දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඔරිගන්, වොෂින්ටන් යන ප්‍රාන්තවලටද ලැව් ගින්නෙන් බලපෑම් එල්ල වී ඇති බවද සඳහන් වනවා. ලැව් ගිනි නිවීම සඳහා ගිනි නිවන භටයින් දහසය දහස් හයසියයක් අනුයුක්ත කර තිබෙනවා.

 

The post කැලි‍ෆෝනියා ප්‍රාන්තයට බලපා ඇති ලැව් ගිනි තත්ත්වය තවදුරටත් ව්‍යාප්ත වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG