Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි  

Add comments

අධික වර්ෂාවත් සමඟ ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් ඊයේ (18) රාත්‍රියේ සිට විවෘත කෙරුණා.

මේ අතර ඊසානදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනයවීමේ හැකියාව පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

ඒ අනුව දැනට සක්‍රීයව ඇති නිරිතදිග මොසම් තත්ත්වය හේතුවෙන් තවදුරටත් වැසි හා සුළං ඇතිවිය හැකියි.

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කළ බවයි ජලාශය භාර ඉංජිනේරුවරුන් පවසන්නේ. ඩෙවෝන් හා ශාන්ත ක්ලෙයාර් දියඇළි ද සක්‍රීය වී තිබෙනවා.

අධික වර්ෂාවත් සමඟ තවත් වාන් දොරටු විවෘත විය හැකි බැවින් කොත්මලා ඔයේ ජලය පරිහරණය කරන ජනතාව අවධානයෙන් සිටිය යුතු බවයි නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය දැනුම් දෙන්නේ.

 

 

 

 

 

The post කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG