Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගිණි අවි සමඟ පාදාගොඩ දි අත්අඩංගුවට ගත් සැකකරුගෙන් දින හතක් රඳවාගෙන ප‍්‍රශ්න කෙරේ  

Add comments

ගිනි අවි සහ අවි ආයුධ සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකු දින හතක් රඳවාගෙන ප‍්‍රශ්න කිරිමට අධිකරණය අවසර ලබාදුන්නා.

ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ කලුතර පාදාගොඩ ප‍්‍රදේශයේදි. විදේශ රටක නිෂ්පාදිත ගිනි අවි, ජීව අත්බෝම්බ, පතරොම් සහ කඩු කිහිපයක් ද සොයාගෙන තිබෙනවා.

වෙඩි නොවදින කබායක්, සයනයිඩ් කරලක් සහ යුධ හමුදා ඇඳුම් කිහිපයක් ද සොයාගත් බවයි පොලිසිය පවසන්නේ.

හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් අක්කරෙයිපත්තුව ප‍්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු දින තුනක් රඳවාගෙන ප‍්‍රශ්න කිරිමට අධිකරණය අවසර ලබාදුන්නා.

ඔවුන් සතුව තිබි හෙරොයින් ග‍්‍රැම් 120ක් සහ මුදල් සොයාගත් බවයි පොලිසිය පවසන්නේ.

මේ අතර කේරල ගංජා කිලෝ ග‍්‍රැම් 32ක් අත්අඩංගුවට ගැනිමට නාවික හමුදාව සමත් වුණා. ඒ කල්පිටිය – පරමුනායි දූපතේ සිදුකළ මෙහෙයුමකින්. අතහැර දමා තිබු වාඩියක තිබි කේරළ ගංජා සොයාගත් බවයි නාවික හමුදාව ප‍්‍රකාශ කළේ.

The post ගිණි අවි සමඟ පාදාගොඩ දි අත්අඩංගුවට ගත් සැකකරුගෙන් දින හතක් රඳවාගෙන ප‍්‍රශ්න කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG