ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු ග්‍රන්ථ කතුවරයෙකු මෙන්ම ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ හිටපු සභාපතිවරයෙකු වූ අභාවප්‍රාප්ත ඒ එම් කරුණාරත්න මහතා රචනා කළ විදේශීය ආක්‍රමණ හා ලංකාවේ විමුක්ති සටන් නම් කෘතිය බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී එලිදැක්වුණා.
මෙරට ජනතාව රටේ ඒකීය භාවය සඳහා ඉතිහාසය තුළ කළ සටන් ගැන පැහැදිලි අවබෝධයක් ලබා දෙන අයුරින් කෘතිය රචනා වී තිබෙනවා. කරුණාරත්න මහතාගේ පවුලේ ඥාතීන් මෙන්ම විද්වතුන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මෙහිදී සඳහන් කළේ ශ්‍රී ලංකාවේ මනුෂ්‍ය සංහාරයන් සිදුකළ බටහිර ජාතීන් අද වන විට මානව හිමිකම් පිළිබඳව අපට කියා දීමට පැමිණෙන බවයි.
The post විදේශීය ආක්‍රමණ හා ලංකාවේ විමුක්ති සටන් කෘතිය එලිදැක්වේ appeared first on ITN News.
Post a Comment