ගලේවෙල මොරගොල්ල අලුත්වැව ප්‍රදේශයට වනඅලින් කඩා වැදීම නිසා එළවළු හා පොල් වගාවන් රැසකට හානි සිදුව ඇති බවට ගම්වාසීන් චෝදනා කරනවා.
කහල්ල රක්‍ෂිතය මැදින් වයඹ ඇල ඉදිකිරීම් කටයුතු සිදු කිරීම නිසා කැළෑබද ප්‍රදේශවල සිටින වනඅලින් මෙලෙස ගම්වැදීමට පටන්ගෙන ඇති බවයි ගම්වාසීන් සඳහන් කරන්නේ. මොරගොල්ල ප්‍රදේශයේ විදුලි වැට බිඳ දමා ගම්වැදුණු අලි රංචුවක් ප්‍රදේශයේ විශාල පොල් වගාවක් සම්පූර්ණයෙන් විනාශ කර ඇති බව ද අප වාර්තාකරුවන් සඳහන් කළා. අස්වනු නෙළීමට දින 10 ක් පමණ තිබූ බීට් රූට් වගාවක් ද වන අලින් විනාශ කර තිබූ බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.
The post ගලේවෙල මොරගොල්ල අලුත්වැව ප්‍රදේශයට වනඅලින් කඩා වැදීම හේතුවෙන් වගාවන් රැසකට හානි appeared first on ITN News.
Post a Comment