Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වනාතවිල්ලුව විකුණන්න හදපු අය ITN හෙළිදරව්වෙන් අත්අඩංගුවට  

Add comments

වනාතවිල්ලුව එළුවන්කුලම ප්‍රදේශයේ සිදුකර තිබෙන අක්කර 100ක පමණ වන විනාශය පිළිබඳව අප ප්‍රවෘත්ති විකාශය තුළින් අද හෙළිදරව් කළා. ඊට ක්ෂණික ප්‍රතිචාර දැක්වූ වන රක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ අංශ එම ස්ථානය අද පරීක්ෂාවට ලක්කළා.

කෙසේ වෙතත් ඔවුන් වන සංහාරය සිදුවූ ස්ථානය පරීක්ෂා කරමින් සිටියදී එම ඉඩම් විකිණීම සඳහා මෙම ස්ථානයට පැමිණි පුද්ගලයන් සිව් දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වුණා.

වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් එළුවන්කුලම ප්‍රදේශයේ කරටියාමොහොට්ටේ ප්‍රදේශයේ අක්කර 100ක පමණ භූමි ප්‍රමාණයකයි මෙම පරිසර විනාශය සිදුවී තිබෙන්නේ. මෙම භූමි ප්‍රදේශයේ තිබෙන පළු, බුරුත, වීර ඇතුළු වටිනා රුක්ෂයන් සම්පූර්ණයෙන්ම කපා දමා ඇති අතර පසුව එම ප්‍රදේශයට ගිනි තබා විනාශ කර තිබෙනවා. මෙම වන විනාශය හේතුවෙන් මෙම ප්‍රදේශයටම ආවේණික ශාක හා සතුන් විශේෂවලට දැඩි බලපෑමක් එල්ලවී ඇති බවයි පරිසර වේදීන් පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් මේ පිළිබඳව අප කළ හෙලිදරව්වෙන් අනතුරුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වනාතවිල්ලුව පොලීසිය එම ස්ථානය පරීක්ෂා කිරීම සඳහා පැමිණියා.

ගස්  කපා අලෙවි කිරීමට අමතරව මෙම ඉඩම එළි කොට ව්‍යාජ ඔප්පු ඔස්සේ වෙනත් ප්‍රදේශ වල ජනතාවට විකිණීමේ ජාවාරමක් මෙහිදී සිදුවී ඇති බවයි හෙළිවී තිබෙන්නේ. කෙසේ වෙතත් අදාළ නිලධාරීන් එම ස්ථානයේ රැඳී සිටින මොහොතේම ඉඩම් මිලදී ගැනීම සඳහා පැමිණි පුද්ගලයන් තුන් දෙනෙකු හා ඉඩම් විකිණීම සඳහා පැමිණි පුද්ගලයෙකු ද පොලිස් අත්අඩංගුවට පත්වුණා.සිද්ධිය සම්බන්ධයෙන් වනාතවිල්ලුව පොලීසිය ඉදිරි පරීක්ෂණ පවත්වනවා.

 

The post වනාතවිල්ලුව විකුණන්න හදපු අය ITN හෙළිදරව්වෙන් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG