Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගත වූ සතියක කාලය තුළ ඇමෙරිකාවෙන් ආසාදිතයන් ලක්ෂ 05 ක් වාර්තා වෙයි  

Add comments

ගත වූ සතියක කාලය  තුළ ඇමෙරිකාවෙන් කොරෝනා ආසාදිතයන් ලක්ෂ 05 ක් වාර්තා වී තිබෙනවා.

අමෙරිකාවේ ජෝන් හෝප්කින්ස් විශ්වවිද්‍යාලය සිදු කළ අධ්‍යයනයක ප්‍රතිඵල අනුව සෑම දිනකම  එරටින් කෝවිඩ් ආසාදිතයන් හැට නවදහස් නවසිය හැට හත් දෙනෙකුට වැඩි පිරිසක් හමු වී  තිබෙනවා. ඒ අනුව ගත වූ සතියක කාලය තුල ආසාදිතයන් හාරලක්ෂ අසූනවදහස් හත්සිය අනූ හය දෙනෙකු වාර්තා වුණා. එරට සමස්ථ ආසාදිතයන් ගණන අනූ ලක්ෂ තිස් අටදහස් තිහක්. ඊයේ දිනයේ පමණක් හැත්තෑ පන්දහස් හැත්තෑ දෙදෙනෙකුට වයිරසය ආසාදනය වී තිබෙනවා. ගත වූ පැය 24 තුළ සිදුව ඇති මරණ සංඛ්‍යාව 1039 ක්.ප්‍රමාණවත් රෝහල් පහසුකම් නොමැති වීම හේතුවෙන් බොහෝ පිරිසක් මිය යන බවයි වාර්තා වන්නේ.

 

 

 

The post ගත වූ සතියක කාලය තුළ ඇමෙරිකාවෙන් ආසාදිතයන් ලක්ෂ 05 ක් වාර්තා වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG