Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇවන්ට්ගාඩ් නඩුව සම්බන්ධයෙන් සාක්ෂි වීමසීමේ කටයුතු අවසන් කෙරේ  

Add comments

ඇවන්ට්ගාඩ් නඩුව සම්බන්ධයෙන් සාක්ෂි වීමසීමේ කටයුතු අවසන් කිරීමට දේශපාලන පලිගැනීම් පිලිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම ඊයේ කටයුතු කළා.

අවසන් වරට සාක්ෂි ලබා දීම සදහා පැමිණ සිටියේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ප්‍රධාන පොලිස් පරික්ෂක මල්ලිකාරාච්චි මහතායි. ඔහු මෙහිදී සදහන් කළේ ඇවන්ට්ගාඩ් ආයතනය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන පිළිබද  එම කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය දැඩි උනන්දුවක් දැක්වූ බවයි. ඇවන්ඩ්ගාඩ් ආයතනය සම්බන්ධයෙන් දූෂණ චෝදනා යටතේ සිදුකළ විමර්ශනවලදී අදාළ ආයතනය වරදක් කර නොමැති බව නිගමනය වී ඇති බව මල්ලිකාරච්චි මහතා මෙහිදී සදහන් කළා. අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය, ප්‍රධාන පොලිස් පරික්ෂක  මල්ලිකාරච්චි මහතාගෙන් හරස් ප්‍රශ්න විමසීමක්ද සිදු කළා. එහිදී ඇය සදහන් කළේ විධිමත් විමර්ශනයක් ඇවන්ගාඩ් ආයතනය සම්බන්ධයෙන් සිදු කළ අතර එහිදී නඩු පැවරීමට අදාළ කරුණු ගණනාවක් අනාවරණ වූ බවයි.

 

 

 

 

The post ඇවන්ට්ගාඩ් නඩුව සම්බන්ධයෙන් සාක්ෂි වීමසීමේ කටයුතු අවසන් කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG