පාකිස්ථානයේ ආගමික පාසලක් ඉලක්ක කරගනිමින් එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
ප්‍රහාරයෙන් 50 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරන්නේ. ජීවිතක්ෂයට පත් පුද්ගලයින් අවුරුදු 20 ත් 30 අතර පසුවන්නන් වනවා. තුවාල ලැබූ පිරිසට කුඩා දරුවන් ද ඇතුළත්. තලෙයි බාන් සංවිධානයේ ත්‍රස්ත ක්‍රියා බහුලව සිදු වන ඇෆ්ගනිස්ථාන දේශසීමාව අසල පිහිටා ඇති පෙෂාවෝර් නගරයේයි මෙම ප්‍රහාරය සිදු වූයේ. කෙසේ වුවද ප්‍රහාරයේ වගකීම එතෙක් කිසිදු පාර්ශ්වයක් භාරගෙන නැහැ.
The post පාකිස්ථානයේ බෝම්බ ප්‍රහාරයකින් 07 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment