මුදල් පසුපසම හඹා යන මිනිසුන්ට ඉතිහාසය හෝ පෞරාණික වටිනාකම් අදාළ වන්නේ නැති බවට වන තවත් සිද්ධියක් කල්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වනවා. ඒ කුවේණියගේ නැගණිය සිටි පුරාණ රජ මාලිගාව බැකෝ යන්ත්‍රයකට බිලිවූ පුවතකුයි.
කල්පිටිය අර්ධද්වීපයට අයත් පල්ලිවාසල් තුරෙයි වේල්ලන්තර ප්‍රදේශයේ ඓතිහාසික නටඹුන් පවතිනවා. ගෙන්ගේ හෙවත් අල්ලිරාණි නටඹුන් පවතින ප්‍රදේශය බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් ඩෝසර් කරමින් සිට ඇත්තේ පොල් වගා කිරීම සදහායි. එය සැලවූ වහාම කල්පිටිය සහකාර ප්‍රාදේශීය ලේකම් මධුෂිකා ප්‍රනාන්දු මහත්මිය එම ස්ථානයට ගොස් අදාළ ඉදිකිරීම් නවතා දැමීමට කටයුතු කළා. ඒ සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් සිදු කරන බවයි ඇය පවසන්නේ.
මෙම පෞරාණික භූමි ප්‍රදේශයේ පිහිටි දුර්ලභ ගණයේ රමණීය කඩොලාන ශාක මුළුමනින්ම ගලවා ඇති බව ද දක්නට ලැබෙනවා. මෙම ස්ථානයේ ආරක්ෂාවට යොදා තිබූ පාදම් ගල්වලින් ඉතිරිව පවතින්නේ ද කිහිපයක් පමණයි. අක්කර දෙසීයකට ආසන්න භූමි ප්‍රමාණයකින් සමන්විත පුරා විද්‍යා ස්ථානයට අද වන විට ඉතිරිව ඇත්තේ සුලු ඉඩම් කොටසක් පමණයි.
එය ද ඉඩම් ජවාරම්කරුවන්ගේ ග්‍රහණයට හසුවිම අවාසනාවක් බව නිලධාරීන් පවසනවා.
The post කුවේණිගේ නංගීගේ මාලිගාවත් බැකෝවකට යටවෙයි appeared first on ITN News.
Post a Comment