Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සහරාන් ඇතුළු බෝම්කරුවන් කුලීයට ගත් පානදුරේ නිවසේ හිමිකරු පාස්කු කොමිසමට  

Add comments

සහරාන් හෂීම් ඇතුළු බෝම්කරුවන් රැදී සිටීම සදහා භාවිත කළ පානදුර සරික්කිමුල්ල ප්‍රදේශයේ නිවස වාර්ෂිකව කුලියට ගෙන ඇත්තේ රුපියල් හාරලක්ෂ අසූදහසක මුදලකට බව පාස්කු ඉරිදා  ප්‍රහාරය පිලිබද විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේදී හෙළි වුණා.

එම නිවසේ හිමිකරු ඒ.එස්.එම් ඉල්හාම් නැමැත්තා කියා සිටියේ අන්තර්ජාලයේ පල කළ දැන්වීමක් මගින් මොහොමඩ් අසාම්, මොහොමඩ් මුබාරක් නැමැත්තා මෙම නිවස කුලියට ගත් බවයි. අදාළ පුද්ගලයා කිංස්ග්බරි හෝටලයේ මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා බවට කොමිසමේදී හෙළි වුණා. ඔහු තමා පාවහන් වෙළදාමේ නිරත වන අතර බිරිද, දරුවන් හා  මිතුරෙකු සමඟ පදිංචි වීමට අපේක්ෂා කරන බව සදහන් කළ බව සාක්ෂි ලබාදෙමින් නිවසේ හිමිකරු ඉල්හාම් නැමැත්තා ප්‍රකාශ කළා.

ප්‍රහාරයට පෙර පෙබරවාරි  මස 13 වනදා ගිවිසුම්ගතව අදාළ නිවස ඔවුන්ට භාරදුන් බවයි සාක්ෂිකරු සදහන් කළේ. රජයේ අධිනීතිඥවරයා කිංග්ස්බරි හෝටලයේ මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් මුබාරක්ගේ ඡායාරූපයක්  සාක්ෂිකරුට පෙන්වමින් නිවස කුලියට ගත්තේ මොහුදැයි ප්‍රශ්න කළා. එහිදී නිවසේ හිමිකරු වන ඉල්හාම් නැමැත්තා ප්‍රහාරය සිදු කළේ අදාළ පුද්ගලයා බව  තහවුරු කළා. පාස්කු ප්‍රහාරය එල්ල වූ දින පස්වරුවේ තමන් වෙත පැමිණි මුස්ලිම් තරුණයකු ඉල්හාම් හමුදාවෙන් ඔබේ ගේ වටකරලා දුවපන් කොහේට හරි යැයි පැවසූ බව සාක්ෂිකරු කොමිසමට කියා සිටියා.

එහෙත් තමා කිසිදු වරදක් සිදු නොකර ඇති බැවින් අදාළ නිලධාරීන්ට නිවස පෙන්වූ බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.  ප්‍රහාරකයින් භාවිතා කළ ආරක්ෂක නිවස සම්බන්ධයෙන් විමර්ශන මෙහෙය වූ අපාරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ කාන්තා ප්‍රධාන පොලිස් පරික්ෂක නාලිනී කුමාර දිසානායක මහත්මියගෙන් ද කොමිසම සාක්ෂි විමසුවා.

 

 

The post සහරාන් ඇතුළු බෝම්කරුවන් කුලීයට ගත් පානදුරේ නිවසේ හිමිකරු පාස්කු කොමිසමට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG