Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නුවරඑළියේ සියළු සංචාරක ස්ථාන වසා දැමේ  

Add comments

රටේ උද්ගතවී ඇති Covid -19 වසංගත තත්වය මත නැවත දැනුම් දෙන තුරු නුවරඑළියේ විනෝද චාරිකා පැමිණිමෙන් වැළකි සිටින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්.බි.ආර්. පුෂ්පකුමාර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අද (29) දින මාධ්‍යට වි‍ශේෂ ප්‍රකාශයක් කරමින් දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ, එසේ පැමිනෙණ පුද්ගලයන් හට නිරෝධායන නීති අනුව කටයුතු කරිමට අවශ්‍ය පියවර ගරනීමට අදාළ ආරක්ෂක අංශ දැනුවත් කර ඇති බවය.

නුවරඑළිය නගරයේ පිහිටි වික්ටෝරියා උද්‍යානය සහ ග්‍රේගරි වැව උද්‍යානය, සඳතැන්න ඇතුළු සියළු සංචාරක ස්ථාන වසා ඇති බවත් පැවසු දිස්ත්‍රික් ලේකම් එම්.බි.ආර්. පුෂ්පකුමාර මහතා සඳහන් කළේ, පවතින වසංගත තත්වය හමු‍වේ රට ආරක්ෂා කර ගැනීමට රජය ගෙනයන සෞඛ්‍ය ආරක්ෂිත වැඩ පිළිවෙලට සැමදෙනාගේ සහය අත්‍යාවශ්‍ය බවය.

The post නුවරඑළියේ සියළු සංචාරක ස්ථාන වසා දැමේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG