ශි‍්‍ර ලංකාවට පැමිණ සිටින ඇමරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (28) හමුවනවා. එහිදී දෙරට අතර බහුආංශික කටයුතුවලට අදාල ක්ෂේත‍්‍ර කිහිපයක් පිළිබඳ අවධානය යොමු කිරිමටයි නියමිත.
ඇමරිකා රාජ්‍ය ලේකම්වරයා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුනවර්ධන මහතාද හමුවනවා. මයික් පොම්පියෝ මහතා මෙරටට පැමිණීමට පෙර ඉන්දියාවේ නිළ සංචාරයකද නිරතවුණා.
ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් මහතාගේ ධුර කාලයේ දී ශ්‍රී ලංකාවට පැමිණෙන ඇමරිකාවේ ඉහළම රාජ්‍ය තාන්ති‍්‍රකයා වන්නේ මයික් පොම්පියෝ මහතායි.
The post ඇමරිකා රාජ්‍ය ලේකම් සහ ජනපති අතර හමුව අද appeared first on ITN News.
Post a Comment