Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඡන්ද විද්‍යාල 264ක් දිනා ගනිමින් ජෝ බයිඩ්න් ඉදිරියෙන්  

Add comments

ඡන්ද විද්‍යාල 264 ක් දිනා ගනිමින් ඩිමොක්ක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩ්න් ඉදිරියෙන් සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

ඇමෙරිකා ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය නිකුත් කිරීම තරමක් ප්‍රමාද වනු ඇති බවට මත පළ වූ පසුබිමක මෙතෙක් ප්‍රකාශිත නිල ඡන්ද ප්‍රතිඵලට අනුව ජෝ බයිඩ්න් ඡන්ද විද්‍යාලය 264 ක් ලබා ගනිමින් ඉදිරියෙන් සිටිනවා. රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ලබාගෙන තිබෙන්නේ ඡන්ද විද්‍යාල 214 ක්. ඡන්දය ගණන් කිරීමේ කටයුතු තවමත් සිදුවනවා.

ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කිරීමට නම් ප්‍රාන්ත 50 ක් පදනම් කරගත් ඡන්ද විද්‍යාල 538 න් එක් අපේක්ෂකයෙකු ඡන්ද විද්‍යාල 270 ක බහුතරයක් තමන් සතු කරගත යුතු වනවා. එසේම ඡන්ද විද්‍යාල පදනම් කරගත් ක්‍රමවේදයේදී කැපී පෙනෙන බලපෑමක් සිදුකළ හැකි ප්‍රාන්ත ලෙස සැලකෙන කැලිෆෝනියා,  වොෂින්ටන්,  නිව්ජර්සි මෙන්ම ඉලිනොයි යන ප්‍රාන්තවල ජයග්‍රහණය තහවුරු කරන්නේ ඩිමොක්ක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩ්න් වීම විශේෂත්වයක්.

මෙවර ජනපතිවරණය ඉතිහාස ගත වන්නේ ගෙවුණු සියවසක කාලයේදී ඇමෙරිකාවේ වැඩිම ප්‍රතිශතයක් ඡන්දය භාවිතා කළ ජනාධිපතිවරණය මෙය ලෙස සනිටුහන් කරමින්.

තවද මේ වනවිට ජෝ බයිඩ්න් ලබා තිබෙන ඡන්ද සංඛ්‍යාව හිටපු ජනාධිපති බැරක් ඔබාමා ලබාගත් ඡන්ද සංඛ්‍යා වද ඉක්මවා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

 

The post ඡන්ද විද්‍යාල 264ක් දිනා ගනිමින් ජෝ බයිඩ්න් ඉදිරියෙන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG