Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දිවයින පුරා හිඟයකින් තොරව පොහොර බෙදා හැරීමට උපදෙස්  

Add comments

බලාපොරොත්තු ආකාරයට පොහොර මෙ.ටො. 60,000ක් ප්‍රමාණයක් ගොඩ බෑම සිදු වෙන බවත් මෙම පොහොර බෙදා හැරීමේ කටයුතු සැලසුම් සහගත ලෙස සිදු කිරීමට කටයුතු කර තිබෙන බව පොහොර නිෂ්පාදන හා සැපයුම්,රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්.රණසිංහ මහතා පවසයි.

ඉදිරි දිනවල තවත් නැවක් සෙන්දු වන බවත් ඉදිරි කාලයේ දී පොහොර අවශ්‍යතාවය සපුරාලීමට හැකි වන බවද ලේකම්වරයා පැවසීය.

දිවයිනේ වගා කන්නයන් ගණනාවක සිට පවතින පොහොර හිඟය හේතුවෙන් කෘෂි වැවිලි ක්ෂේත්‍රයන්හි ගොවින් දැඩි අපහසුතාවයන්ට පත්ව සිටියහ. මේ පිළිබඳව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ අවධානය යොමු වීමත් සමග අවශ්‍ය රසායනික පොහොර ආනයනය කිරීමට රජය ප්‍රතිපත්ති තීරණයක් ගනු ලැබීය.

ඒ අනුව කලකට පසුව ලංකාවට පැමිණෙන පොහොර රැගත් නෞකාවන් මේ වන විට කොළඹ වරායට සේන්දු වී ඇත.

අර්බුධකාරි කොරෝනා තත්ත්වය හමුවේ වුව ද දිවයිනේ දිස්ත්‍රික්ක 25 ට කඩිනමින් හිඟයකින් තොරව පොහොර නිකුත් කරන ලෙස පොහොර නිෂ්පාදන හා සැපයුම්,රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍ය නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මැතිතුමා අමාත්‍යාංශ ලේකම් එම්.එන්.රණසිංහ මහතාට උපදෙස් ලබා දී ඇත.

මීට අමතරව අමාත්‍ය නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසු විපරම් ඒකකයක් මඟින් පොහොර බෙදා හැරීමේ විධිමත් බව අවධානය යොමු කරමින් දිනපතා ක්‍රියාමාර්ග ගනිමින් සිටියි.

කාබනික පොහොර දිවයිනේ ව්‍යාප්ත කොට රසායනික පොහොර භාවිතය අවම කිරීම නව රජයේ ප්‍රතිපත්තිය වන අතර එම ඉලක්කය ළඟා කර ගැනීමෙන් අනතුරව රසායනික පොහොර ආනයනය අවම කරන අතර, දේශීය යාන්ත්‍රනයක් ඔස්සේ රටට අවශ්‍ය පොහොර රට තුළම නිෂ්පාදනය කරන ලෙස අමාත්‍ය නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මැතිතුමා උපදෙස් ලබා දී ඇත.

The post දිවයින පුරා හිඟයකින් තොරව පොහොර බෙදා හැරීමට උපදෙස් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG