Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තුර්කියට හා ග්‍රීසියට බලපෑ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 76 දක්වා ඉහළට  

Add comments

තුර්කියට හා ග්‍රීසියට දැඩි හානි සිදු කරමින් ඇති වූ භූ කම්පනයෙන් පැය 58 කට හා 65කට පසු සුන් බුන් අතර සිරවී සිටි වසර 14 ක් හා වසර 03 ක් වයසැති දරුවන් දෙදෙනෙකු  බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත් වුණා.

භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 76 දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. තුවාල ලැබූ සංඛ්‍යාව දහසකට ආසන්න බව තුර්කි මාධ්‍ය සදහන්  කරනවා. භූ කම්පනයේ ප්‍රබලත්වය හේතුවෙන් ගොඩනැගිලි 20 ක් පමණ සම්පූර්ණයෙන්ම විනාශ වුණා. සුන්බුන් අතර සිර වූ 70 කට අධික පිරිසක් බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත් වූ බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා. කූඩාරම් 3500 කින් හා  ඇඳන් 13000 කින් සමන්විත අවතැන් කදවුරක භූ කම්පනය හේතුවෙන් නිවාස අහිමි වූ පිරිස් රඳවා තැබීමටයි බලධාරීන් කටයුතු කර ඇත්තේ.  පසු කම්පන 196 ක්ද වාර්තා වී ඇති අතර ඉන් 23 ක ප්‍රබලත්වය රිච්ටර් පරිමාන ඒකක 04 ඉක්මවා තිබුණා. නිරතුරුවම භූ කම්පනවලට ලක්වන තුර්කියේ ඉස්මීර් නගරයේ 1999 වර්ෂයේදී සිදුවූ රිච්ටර් පරිමාණ ඒකක 7.6 ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයෙන් දාහත් දහසකට අධික පිරිසක් මිය ගියා.

 

 

 

 

The post තුර්කියට හා ග්‍රීසියට බලපෑ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 76 දක්වා ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG