ලොවක් බලා සිටින ඇමෙරිකා ජනාධිපතිවරණ සටන තවත් උණුසුම් වෙද්දී අවසන් ප්‍රතිඵලය ලබාදීම තවදුරටත් ප්‍රමාද වීමට ඉඩ ඇති බව වාර්තා වනවා.
අවසන් ඡන්ද ප්‍රතිඵලය ප්‍රමාද වීම හේතුවෙන් නොසන්සුන්තාවට පත්ව සිටින පාක්ෂිකයන් අමතමින් ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩ්න් කියා සිටියේ සියලු දෙනා අවසානය දක්වා සංසුන්ව සිටිය යුතු බවයි. එහෙත් ඩොනල්ඩ් ට්‍රම්ප් තවදුරටත් පවසන්නේ මැතිවරණය දූෂිත බවත් ඡන්දය පැවති දින තුළ ගණනය කළ ඡන්ද හැර අනෙක් සියලු ඡන්ද අවලංගු කර දැමිය යුතු බවයි. මේ වන විට ප්‍රාන්ත පනහෙන් හතලිස් හයක ප්‍රතිඵල නිකුත් වී අවසන්. නිකුත් වීමට නියමිතව ඇත්තේ ජෝර්ජියා, පෙන්සිල්වේනියා, නෙවාඩා, ඇලස්කා, සහ උතුරු කැරොලිනා යන ප්‍රාන්ත ඡන්ද ප්‍රතිඵලයි. නිකුත් වීමට ඇති ප්‍රතිඵල අතරින් පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ප්‍රතිඵල ජෝ බයිඩ්න්ට වඩාත් වාසිදායක වනු ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.
The post ඇමෙරිකා ජනාධිපතිවරණ සටන උණුසුම් වෙද්දී අවසන් ප්‍රතිඵලය ප්‍රමාද වන ලකුණු appeared first on ITN News.
Post a Comment