Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊයේ දිනයේදී ඇමෙරිකාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්‍ෂය ඉක්මවයි  

Add comments

ඇමෙරිකා ජනාධිපතිවරණය උණුසුම් මුහුණුවරක් ගනිද්දී එරටින් ඊයේ දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්‍ෂය ඉක්මවා ගියා.

ගත වූ පැය 24 තුළ ඇමෙරිකාවෙන් කොරෝනා ආසාදිතයන් එක්ලක්‍ෂ අටදහස් තුන්සිය අසූනවයක් හදුනාගත් බව එරට සෞඛ්‍ය අංශ සදහන් කරනවා. ඒ අනුව ඇමෙරිකාවේ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව අනූඅටලක්‍ෂය ඉක්මවා ගියා. ගත වූ පැය 24 තුළදී වැඩිම මරණ සංඛ්‍යාව ද වාර්තා වුණේ ඇමෙරිකාවෙන්. එම සංඛ්‍යාව 1201 ක්. ඒ අනුව එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දෙලක්‍ෂ තිස්නවදහස් නවසිය විසිනවයක් ලෙසයි දැක්වෙන්නේ.

කොරෝනා වසංගතය මධ්‍යයේ ඇමෙරිකා ජනාධිපතිවරණය දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා. මේ වන විට ඩිමොක්‍රටික් පක්‍ෂ ජනාධිපති අපේක්‍ෂක ජෝ බයිඩ්න් ඡන්ද විද්‍යාල 264 ක් හිමිකර ගනිමින් ඉදිරියෙන් සිටින අතර රිපබ්ලිකන් පක්‍ෂ ජනාධිපති අපේක්‍ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ඡන්ද විද්‍යාල 214 ක් හිමිකරගෙන තිබෙනවා.

 

 

The post ඊයේ දිනයේදී ඇමෙරිකාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්‍ෂය ඉක්මවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG