බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමත් සමඟ යුරෝපය වෙත ගමන් කරන පුද්ගලයින් අවුල් සහගත තත්ත්වයකට මුහුණ දෙයි
බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමත් සමගම එරට ව්‍යාපාරිකයින්ට හා යුරෝපය වෙත ගමන් කරන පුද්ගලයින්ට අවුල් සහගත තත්ත්වයකට මුහුණ දීමට සිදුව ඇති බවට බ්‍රිතාන්‍ය රජය අනතුරු අඟවනවා.
ලබන 31 දායින් බ්‍රෙක්සිට් සංක්‍රාන්ති සමය අවසන් වන අතර ඒ සමගම ප්‍රායෝගික හා කාර්ය පටිපාටිගත වෙනස්කම් සිදුවනු ඇති බවටයි අනුමාන කෙරෙන්නේ. දුරකතන රෝමිං ගාස්තු, ගුවන් ගමන් බලපත්‍රෙයේ කල් ඉකුත්වීමේ දිනය ආදිය කෙරෙහි දැඩි අවධානයෙන් පසුවන ලෙස බ්‍රිතාන්‍ය රජය යුරෝපය වෙත ගමන් කරන තම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වූ පසු ඉදිරි වෙළෙද ගිවිසුම් පිළිබදව එළඹෙන මාසයේදී යළි සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. එමෙන්ම ලබන බදාදා දින බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේද මේ සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් පැවැත්වෙනවා.
The post බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමත් සමඟ යුරෝපය වෙත ගමන් කරන පුද්ගලයින් අවුල් සහගත තත්ත්වයකට මුහුණ දෙයි appeared first on ITN News.
Post a Comment