නව කොරෝනා වයිරස ප්‍රභේදයේ ආසාදිතයින් තම රටෙන් හමු වී ඇති බව දකුණු කොරියා සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.
බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සිට පසුගිය සතියේදී දකුණු කොරියාවට පැමිණි එකම පවුලට අයත් කිහිප දෙනෙකුටයි මෙලෙස නව කොරෝනා වයිරස ප්‍රභේදය වැලදී ඇත්තේ. ගුවන් තොටුපොලේදීම පරීක්ෂණ දෙකක් සඳහා ඔවුන්ව යොමු කර ඇති අතර මේ වනවිට ඔවුන් නිරෝධායනයේ පසුවනවා. ඒ අනුව නව කොරෝනා වයිරස ප්‍රභේදයේ ආසාදිතයින් හමුවූ නවතම රට ලෙස දකුණු කොරියාව හැඳින්විය හැකියි. යුරෝපයේ රටවල් රැසකින් හා කැනඩාව , ජපානය හා දකුණු අප්‍රිකාවෙන් ද නව කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනය වූවන් හමුවී තිබෙනවා.
The post නව කොරෝනා වයිරස ප්‍රභේදයේ ආසාදිතයින් තම රටෙන් හමු වී ඇති බව දකුණු කොරියාව පවසයි appeared first on ITN News.
Post a Comment