පර්යේෂනාගාරයක නිෂ්පාදනය කරන ලද මස් අලෙවි කරන ප්‍රථම රට බවට සිංගප්පූරුව පත් වෙයි.
සතුන් ඝාතනය කිරීමෙන් තොරව මස් නිෂ්පාදනය කිරීමට මේ යටතේ ඉඩ සැලසෙනවා. සත්ත්ව අවිංහිසාව සම්බන්ධයෙන් ජනතාව අතර ඇති වෙමින් තිබෙන ඉහළ උනන්දුව නිසා මෙම මස් වර්ග ඉහළ ජනප්‍රියතාවක් ලබා ගනු ඇති බවයි පර්යේෂකයන් පවසන්නේ.
ලබන වසර අවසන් වනවිට ඉහළ මට්ටමේ ලාභයක් ලැබීමට අපේක්ෂා කරන බවයි මෙම මස් නිෂ්පාදනය කිරීමේ සමාගම සඳහන් කරන්නේ. ඇමෙරිකා තාක්ෂණය ද මේ සඳහා යොදා ගැනීමට කටයුතු කර තිබෙනවා. ප්‍රධාන වශයෙන් කුකුළු මස් නිෂ්පාදනය කිරීමටයි අදාළ සමාගම සැලසුම් කර ඇත්තේ.
The post සිංගප්පූරුව සතුන් ඝාතනය කිරීමෙන් තොරව මස් නිෂ්පාදනය කරයි appeared first on ITN News.
Post a Comment