ඊයේ (08) දිනයේ තවත් කොරෝනා මරණ 7ක් වාර්තා වුණා. කොළඹ 6 ප්‍රදේශයේ පදිංචි 86 හැවිරිදි පුද්ගලයෙක්, නිට්ටඹුව පදිංචි73 හැවිරිදි පුද්ගලයෙක්, රත්නපුර පදිංචි 76 හැවිරිදි කාන්තාවක හා කොළඹ 13 පදිංචි 61 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ මිය ගිය පිරිසට ඇතුළත්.
එමෙන්ම කොළඹ බන්ධනාගාර රැදවියෙකු වන 61 හැවිරිදි පුද්ගලයෙකු, කොළඹ 6 ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි කාන්තාවක හා එඩේරමුල්ල පදිංචි 62 හැවිරිදි පුද්ගලයෙකු ද මෙසේ මිය ගොස් ඇති බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සදහන් කළේ.
ඒ අනුව, මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 297කි.
ඊයේ දිනය තුළ මෙරට දී පීසීආර් පරික්ෂණ 19420 ක් ද සිදුකර තිබෙනවා.
The post මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 297ක් දක්වා ඉහළට appeared first on ITN News.
Post a Comment