සතොස සේවකයින් අනිසි ලෙස රාජකාරී කටයුතුවලින් බැහැර දේශපාලන කටයුතුවල නිරත කරවීම සම්බන්ධයෙන් විභාග වන නඩුව ඇතුලු නඩු 02 කින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.
මෙම නියෝගය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා විසින් අද පෙරවරුවේ නිකුත් කෙරුණා.
මෙම නඩුවේ තවත් විත්තිකරුවන් දෙදෙනෙකු වන සතොස එවක සභාපති එරාජ් ප්‍රනාන්දු සහ ක්‍රියාකාරී අධ්යක්ෂ මොහොමඩ් ෆාකීර් ද මෙම නඩුවෙන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.
අල්ලස් කොමිෂන් සභාව විසින් ගොනු කර ඇති නඩු පහෙන් දෙකක් සම්බන්ධයෙන් විත්තිකරුවන් විසින් කොළඹ මහාධිකරණයේ නඩුව සම්බන්ධයෙන් ප්රතිශෝධන අයදුම්පත් ගොනු කර තිබුණා.
මෙම නඩු දෙකෙන් තිදෙනා නිදොස් කොට නිදහස් කර ඇති අතර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවලින්ද නිදහස් කිරීමටයි අධිකරණය නියම කර ඇත්තේ.
The post සතොස ඇතුලු අල්ලස් නඩු 02 කින් ඇමති ජොන්ස්ටන් නිදොස් කොට නිදහස් appeared first on ITN News.
Post a Comment