දීර්ඝ කාලයක් ජනතාව පීඩාවට පත් කරන ගැටලුවලට විසදුම විධිමත් සංවර්ධනය පමණක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා. වන විනාශයක් සිදුවෙනවා නම් ඒ ගැන සොයා බලා කඩිනමින් පියවර ගන්න තමන් දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දුන් බව ද ජනාධිපතිතුමා කියා සිටිනවා.
නුගේගොඩ වැලිපාර්ක් උද්‍යානයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුබද්ධ සංවිධාන නියෝජිත හමුව අමතමින් ජනාධිපතිතුමා මේ බව කියා සිටියා. විධිමත් සංවර්ධනයකට අවශ්‍ය ප්‍රතිපත්ති රාමුව මෙන්ම වැඩපිළිවෙළ රජය ඉදිරිපත් කර ඇති බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. මැතිඇමතිවරුන්, ආණ්ඩුකාරවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.
The post ජනතාව පීඩාවට පත් කරන ගැටලුවලට විසඳුම සංවර්ධනය පමණක් බව ජනපති කියයි appeared first on ITN News.
Post a Comment