Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සූවස් ඇලේ හිරවුණු නැව ඉවත් කිරීමට බාධා රැසක්  

Add comments

ලොව කාර්යබහුලතම නෞකා ගමන් මාර්ගයක් වන සූවස් ඇල හරහා සිර වී ඇති භාණ්ඩ ප්‍රවාහන නෞකාව එම ස්ථානයෙන් ඉවත් කිරීමේ මෙහෙයුම්වලට මේ වන විට බාධා එල්ල වී තිබෙනවා.

එම ප්‍රදේශයට බලපා ඇති වැලි කුණාටුව ඊට හේතු වී ඇති බවයි  සදහන් වන්නේ. මෙහෙයුම් සදහා කුඩා ටග් යාත්‍රා සහ තවත් ටග් යාත්‍රා කිහිපයක් එක්ව සිටිනවා. දින 05 කට ආසන්න කාලයක් සූවස් ඇල මාර්ගයේ නැව් ගමනාගමනය ඇණහිටීම හේතුවෙන් ලෝක ඉන්ධන මිල සහ අනෙකුත් ආහාර මිල ගණන් ඉහළයාමේ තත්ත්වයක් ද ඇති වී තිබෙනවා.

අදාළ නෞකාව සිරවීමත් සමග යුරෝපය සහ ආසියාව අතර සැපයුම් මාර්ග මුළුමනින්ම ඇණහිට ඇති අතර මේ වන විට නැව් මාර්ගයේ භාණ්ඩ ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් සිර වී තිබෙනවා.

ලොව විශාලතම කන්ටේනර් ප්‍රවාහන නැවක් වන මෙහි කන්ටේනර් 20,000 ක් ඇති අතර එහි බර ටොන් 220,000 කට අධිකයි. මෙම තත්ත්වය තවදුරටත් පැවතියහොත් ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ලවනු ඇති බවයි විදෙස් විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

 

 

 

The post සූවස් ඇලේ හිරවුණු නැව ඉවත් කිරීමට බාධා රැසක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG